Sunday, November 27, 2011

සිහිනයක නිමාව


අදුරු රැය එලි කරන සිසි කිරණ ඔබම විය...
කුරිරු ලොව පහළ වුණු සොදුරු ලිය ‍ඔබම විය..
මගේ සිත සැනසවූ පැන් පොදත් නුඹම විය..
මගේ සිත බිද දැමූ සොදුරු ලිය ඔබම විය..

නොසැගුවෙමි මා කිසිත් මගේ ලොව ඔබෙම විය..
සැගවුනා පෙර දිනෙක තීන්දුව ඔබෙම විය..
එනමුදුත් මගෙ ලොවේ රැජිණියද ඔබම විය..
තව තවත් සගවන්නෙ, 

ඔබට ආලය නොකළ නිසා ද...
ඔබ තරම් නොවන නිසා ද...
නැතිනම්,
ඔබේ කුමරු නොවන නිසා ද...

??????????????????????????

ඉදින් අදින් සමුගනිමි ආගන්තුකයා.. නොම එමී මතුවටත් කවර යම් දිනකටත්.. නැත මා ඉතිරි කළ දෙයක්.. සියල්ල අදින් අවසන් වේවි.. ආගන්තුකයා, ආගන්තුකයෙක් ම වේවි.. මග පෙන්නන්නට උත්සුක වූවන්ට අවසානයේ පසුතැවිලි වීමට සිදුවනු ඇත. ඒ මග පෙන්නන්නට ගත් කාලය ගගට කැපූ ඉනි වූ බැවිනි. ඉදින් සමුදෙන්න මට.. නැවත නොම එමි.. තැවෙන්නට කිසිවකුත් නොමැති ය.. හඩන්නට කිසිවෙක් නොමැති ය.. සෙවූ මග පෙනෙන මානයක නැත. නැවත මග සොයන්නේ ද නැත.. නැවත හමුවන්නේ ද නැත.. 



5 comments:

  1. හැමදේම වෙන්නේ මිනිස්සුන් ට... එහෙම හිතලා හිත හදා ගන්න.... නෑවිත් ඉන්න එපා. ප්‍රශ්නවලින් පලා යන එක ප්‍රශ්නවල ට විසඳුම නෙවෙයි යාළු....

    ReplyDelete
  2. හප්පේ මොකක්ද මේ සිරා සීන් එකක් ද..

    ReplyDelete
  3. කොහෙ යන්නද? මෙහෙ හි‍ටු!

    ReplyDelete
  4. මේ මොකෝ මල්ලි මේ.. :/ ආගන්තුකයා නැතුව පාලුයි මල්ලි..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....