Saturday, November 12, 2011

ශිෂ්‍යත්වය පෙවීම

අද කාලෙ ළමයි ඉස්කෝලෙ යන්නත් කලින් තමයි ඒ ළමයින්ව දෙමවුපියො ටියුෂන් පන්ති වලට දාන්නෙ. ඒ පොඩි කාලෙ ඉදන්ම ළමයින්ව ලොකු තැනකට ගේන්න ඔවුන්ට ඕන නිසා. ඒ වගේම ගෙදර ඉන්දිද්දිත් ළමයාට හොදට පාඩම් දන්න දන්න විදියට කියලා දෙන්න දෙමවුපියො අමතක කරන්නෙ නෑ. කොහොම හරි පළවෙනි ලොකු විභාගෙ ශිෂ්‍යත්වෙ නෙ. ඒක හොදට පාස් වෙන්න කියලා කියලා දුන්න දෙයක් අන්තිමට අමුතුම ජාතියෙ වැඩක් වෙලා. ඊයෙ අපේ ෆිසික්ස් සර් කිවුවෙ. මට මේක අමතක වෙන්න කලිං ලියන්නෙයි කියලා හිතුනා.

ශිෂ්‍යත්‍ව විභාගෙ අනිවාර්යය ප්‍රශ්නයක් නෙ අර මොකක් හරි එකක් ගැන වාක්‍ය 5ක් ලියන එක. ඔන්න එක තාත්තා කෙනෙක් තමන්ගෙ පුතාට කියලා දීලා "හොදම යාළුවා" කියන මාතෘකාවට රචනයක් ලියන විදිහ. 

මගේ හොදම යාළුවා
1. මට යාළුවන් ගොඩක් ඇත.
2. ඒ අතරින් මගේ හොදම යාළුවා (නම) වේ.
3. ඔහු මා සමග 1 වසරේ සිට පාසල් පැමිණියේ ය.
4. අපි එකට පාසල් පැමිණෙන අතර එකට ගෙදර යන්නෙමු.
5. ඔහු අපගේ නිවසට අල්ලපු නිවසේ බැවින් මට ඔහුව හමුවීමට පහසු ය.

මෙන්න මේ වගේ ටිකක් ලියලා දීලා ළමයා ට හොදට බලාගන්න, මේ වගේ ලියන්න කියලා ඒ දෙන සිද්ධියට සම්බන්ධයෙන්. පස්සෙ ඉතිං ඔන්න ශිෂ්‍යත්වෙ ඇවිත්. ළමයා රචනාවත් ලියලා. හැබැයි ඉතිං මේකෙ මැතෘකාව ඇවිත් තියෙන්නෙ "මගේ තාත්තා" කියලා. ළමයත් අර උඩ එක පොඩ්ඩක් සංශෝධනය කරලා ලියලා. 


මගේ තාත්තා

1. මට තාත්තලා ගොඩක් ඇත.
2. ඒ අතරින් මගේ හොදම තාත්තා (නම) වේ.
3. ඔහු මා සමග 1 වසරේ සිට පාසල් පැමිණියේ ය.
4. අපි එකට පාසල් පැමිණෙන අතර එකට ගෙදර යන්නෙමු.
5. ඔහු අපගේ නිවසට අල්ලපු නිවසේ බැවින් මට ඔහුව හමුවීමට පහසු ය.

මේක මාක් කරපු සර් ට තරු විසි වෙලා. අන්තිමට ඒ ළමයා ව හොයාගෙනත් ගිහින් ලු අ‍පේ සර් කිවුව හැටියට. දෙයක් කටපාඩමේ තියාගන්න ගියාම මරු වැඩ තමා වෙන්නෙ. අර 3 වල වුනා වගේ. හි හි..


2 comments:

  1. මීට සමාන කතාවක් මාත් මීට කලින් අහලා තිබුණා....

    ශිෂ්‍යත්වය වගේ බුද්ධි පරීක්ෂණවලදි, කට පාඩමින් නෙවෙයි බුද්ධියෙන්, අවබෝධයෙන් උත්තර ලියන්න ඕනේ. අඩු ගානේ ඒක වැඩිහිටියන්ටවත් නොතේරෙන එක නේ පුදුමේ!!!

    // දෙයක් කටපාඩමේ තියාගන්න ගියාම මරු වැඩ තමා වෙන්නෙ.//
    ඒක නම් ඇත්ත ම ඇත්ත..... :))))

    ReplyDelete
  2. අද කාලෙ වැඩිහිටියන් කරන්නෙ කොහොම හරි තමන්ගේ ළමයා ව පළවෙනියා කරන්න හදන එක නේ. බුද්ධිය අවබෝධය කියන දේ කටපාඩමින් මැනෙන්නෙ නෑ නේ.. මහී කිවුව දේ ඇත්ත..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....