Friday, October 21, 2011

අනේ අපිට සමාවෙන්න

ආගන්තුකයා මාසෙකින් විතර බ්ලොග් එකේ වචනයක්වත් ලිවුවෙ නෑ. මේක අත්තරින්නයි ආගන්තුකයා ට ඕන උනේ. ඒත් හොදටම හිතට වැදිච්ච සිද්ධියක් මට මේ ලිපිය ලියන්න මග පෙන්නුවා. මේක ලියන්නෙ හිතේ දුකින්, වේදනාවෙන් වගේම කලකිරීමෙන්.

ඊයේ තිබ්බා අමතර පන්තියක්. කවුරුත් දන්න ජනක අබේවර්ධන සර් ගෙ ඇප්ලයිඩ් පන්තිය. එදා පන්තිය කලබලකාරියි. ළමයි නොසන්සුන්. සර් පාඩම පටන් ගත්ත වෙලේ ඉදන් සමහරු නිදි, ඒ අයගෙ වැඩ. ළමයින් ගේ ඝෝශාව වෙනදාව වඩා ගොඩක් වැඩියි. සර් ට උනන්දුවෙන් පාඩම කරන්න උනේ නෑ. සර් දෙපාරක් විතර කිවුවා කෑගැහිල්ල නවත්තන්න කියලා. ඒත් සද්දෙ අඩුවක් නෑ. මෙහෙම ඉන්දිද්දි පන්තියට පරක්කු වෙලා ගෑණු ළමයෙක් ආවා. නැලවි නැලවි පන්තිය ඉස්සරහාට ගියා. ඒ වෙලේ ළමයි ටික අමුතු සද්ද දාන්න ගත්තා. සර් ගේ ඉවසීම නැතිඋනා ඒ වෙලාවෙ. බර දඩු රාමු සැකිලි පැත්තකින් තියලා සර් කියන්න ගත්තා,

"මේ පන්තියේ මෙහෙම ගුරුවරයෙක් ඉන්නකොට කෑ ගහනවා නම් කොහොමද මම පන්තියක් කරන්නෙ? මේ ඇප්පයිඩ් ඉගැන්නුවා කියලා වැඩක් නෑ ළමයින්ට ගුරුභක්තියක් නැත්නම්. මම කොහොමත් දන්නවා ගාල්ලේ ළමයින්ට ගුරුභක්තියක් නෑ කියලා. මම මේ ගාල්ලෙ පන්ති කරන්නෙ මේකෙන් සල්ලි ලැබෙන නිසා නෙමෙයි. මේකෙන් මට ආත්ම තෘප්තියක් ලැබෙනවා. මම දන්න දෙයක් අනිත් අයට කියලා දෙද්දි ලැබෙන ආත්ම තෘප්තිය නිසයි මම ප්‍රධාන වශයෙන්ම පන්ති කරන්නේ. මේ පන්තිය නැවැත්තුවා කියලා මට කිසි දෙයක් අඩු වෙන්නෙ නෑ. මම සමහර විට 2014 පන්ති කරනවා ද නැද්ද කියලා තීරණක් ගන්න බැරි කමක් නෑ. මම යුනිවසිටි ගිහින් පස්සෙ ‍ෆිසිකල් වලට මාරු උනේ උගන්නන්න තියන ආසාව නිසා. ඒ තීරණේ මම එදා ගනිද්දි මගේ අතට රු. 1000 ක් වත් ලැබෙන්න මාර්ගයක් තිබ්බෙ නෑ. ඒත් මම ඒ දේ කලේ උගන්වන්න තියන ආසාව නිසා. මම ඉන්න වෙලේ කෑගැහුවා ට කමක් නෑ මම ඒ තත්වෙට වැටිලා ඉන්න ගුරුවරයෙක් නම්. ඒත් මම එදා ඉදන් ම මම දන්න දේ නිවැරදිව කියලා දීලා ඇති."

ඇත්තටම සර් කියපු දේවල් තදින්ම හිතට වැදුනා. ඒත් එක්කම ලොකු කණගාටුවකුත් ඇති උනා. ඒ සර් කියපු එක දෙයක් නිසා.
"මම කොහොමත් දන්නවා ගාල්ලේ ළමයින්ට ගුරුභක්තියක් නෑ කියලා"
මේ දේ මම කවදාවත් නොහිතපු දෙයක්. අපි ගුරුවරු වෙනුවෙන් (කටක් ඇරලා ගුරුවරු කියලා කියන අය) කොච්චර දේවල් කරලා කියලා තියනවා ද. ගුරුවරු අපිට කෝච්චර සමීප ද. ඒත් මේ වගේ දෙයක්. ඒකත් අහන්න උනේ අර ළමයි වගයක් කෑ ගහපු නිසා.

එදා සර් ගාණක් දීලි ගියා. ආයෙ පන්තියට ආවෙ නෑ. පහල ඉදන්ම පන්තිය ඉවරයි කිවුවා. සර් ගොඩක් කලකිරිලා කියලා අපිට තේරුනා. අපිට අපි ගැනම දුකක් ඇති නොවුනා නම් අපි අපි ගාන ලැජ්ජ වෙන්න ඕන. මේ දේ උනේ එක ළමයි කණ්ඩායමක් නිසා කියන බව ඇත්ත උනත් ඒ දේ කියලා අපිට මගඅරින්න බෑ. මොකද අපි එක පන්තියක්. අපි එක කණ්ඩායමක්‍. අපි නිසය් මේ දේ උනේ. අපිමයි මේ දේ හදන්න ඕන.

සර් කිවුව දේ ඇත්ත. ඇප්ලයිඩ් වැදගත්. ඒ ලෙවල් නුත් වැදගත්. ඒත් එක දේකට වැඩිය නෑ. ඒ අපේ මනුස්සකම. අපේ මනුස්සකම කියන්නේ ඇහැට කනට පේන ගෑනු ළමයෙක්ට සද්ද දාන එක නම්, ඒ ළමයා ට වගේම ගුරුවරයා ට ඇතිවෙන තත්වෙ ගැන කිසි ගානකට ගන්නෙ නැති කම නම්, ආගන්තුකයා ට ඒ ගැන කියන්න දෙයක් නැ. තමන්ම කිසි වරදක් නොකරපු කෙනෙක්ගෙන් මේ විදිහට පලිගන්න එක කොලු කම කියලා හිතන් ඉන්න අය ඇත්තටම එහෙම  කියන එක ප්‍රශ්නයක්.

ඒ නිසා යාළුවනේ අපි යම් දෙයක් ඉගෙනගත්ත මේ පන්තියට, අඩුමගානෙ ඒ ගුරුවරයා ට ගරු කරලා මේ දේවල් නවත්තමු. අද මේ කියන දේ විහිලුවක් වගේ දැනෙන අයට තම අවුරුදු ගානකින් තේරෙයි මම එදා හිනා උන එක කොච්චර වැරදි ද කියලා. පුළුවන් නම් අපි පෙන්නමු අපි මොනවගේ ළමයි ද කියලා. ඒ දේ තේරුම්ගන්න. ආගන්තුකයා බ්ලොගයේ ඉල්ලන පළවෙනි ඉල්ලීම. ඒ දේ හැමෝම පිලිගන්න. එදා සර් කිවුවේ මොනවා ද කියලා සමහර විට සර් ට මතක නැතුව ඇති. ඒත් ඒ දේවල් අපිට මතකයි. ඒ දේ හදවතටම වැදුන නිසා.

..අනේ අපිට සමාවෙන්න සර්..


7 comments:

  1. උඹලට ගහන්න තියෙන්නෙ දෙකේ දෙකේ පොළු වලින්. මම ජනක සර්ගෙන් අවසානෙට ඉගනගෙන අවු. දහයක් වෙනවා. ඒත් සර් නං කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    ReplyDelete
  2. දෙකේ දෙකේ පොලු වලිං ගහලා මදි..

    ReplyDelete
  3. ඒ වැඩේනම් හරි නෑ තමයි.. අපිත් ඒ දවස් වල පන්තිවල කෑ ගහනවා විහිළු කරනවා.. පන්තියේ ගුරුවරයා නැති වෙලාවට..

    ReplyDelete
  4. ඔවු දිනේශ් අයියේ.. අපිත් කෑ ගහනවා තමයි. ඒත් ගුරුවරයෙක් ගෙ හිත රිද්දනවා කියන්නෙ අනේ මන්දා.. :(

    ReplyDelete
  5. මුලින්ම කියන්න ඕනෙ. මේක කිවිවට මගෙත් එක්ක තරහ වෙන්න එපා.
    ඇත්තටම මේ කිව්ව කථාව ඇත්ත.ඒක මට මීට හරියටම අවුරුද්දකට කලින් ගාල්ලට පය තියල ටික දවසකින් තේරුණා. අපි අපේ ගුරුවරුත් එක්ක තිබුණ සම්බන්ධෙ මෙහෙ ළමයිගෙ නෑ. ගුරුවරයෙක් කියන්නෙ ළමයි වෙනුවෙන් ජීවිතේ බොහෝ දේ කැප කරන කෙනෙක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ හිතේ සතුට. සල්ලි හොයනවනම් හොයන්න ක්‍රම ගොඩක් තියාගෙන උගන්නන රස්සාව කරන්නෙ හිතේ සතුට ලබා ගන්න. මට හිතෙන්නෙ මෙහෙ ළමයි ආර්මාර්ථකාමී වැඩ්යි කියලා. එයාලට ඕනෙ කොහොම හරි තව එකෙක්ව වලට දාලා හරි කැම්පස් යන්න. කට්ටියම එකතුවෙලා කට්ටියම එකට කැම්පස් ගියානම් කොච්චර හොදද. ඒත් තරගෙට කට්ටිය එකම විෂයට පන්ති 3 4 කට යනවා. තනියෙන් වැඩ කරන්න ටිකක් සෙල්ලම් කරන්න හිතේ සැහැල්ලුවෙන් ඉන්න කට්ටියට වෙලාවක් නෑ. මීට අවුරුදු 7කට කලින් මම ඒ ලෙවල් කලේ. අපි අපේ ගුරුවරුන්ට පුදුම ආදරයක් තිබුනෙ. බයක් නෙවෙ. ගේ‍රරවයක්. ඒක මෙහෙ හුගක්ම අඩුයි. හොද ළමයි ඉන්නවා. ඒත් බහුතරය ගුරුවරුන්ට කථා කරන්නවත් දන්නෙ නෑ. ගිය සතියෙ මට ඇහුන එක ළමයෙක් ගුරුතුමියකට මහ ගෑනි කියල අමතනවා. මට මාර කළකිරීමක් දැනුනෙ. එහෙම ළමයි ඉන්න හින්ද. අපි අපේ ගුරුවරුන්ට කවදාවත් එහෙම කියලත් නෑ. කියන්නෙත් නෑ. ළමයි උනහම වැරදි කරනව තමයිග ඒත් මේ වගෙ වැරදි ළමයි කරන්න ඕන ඒව නෙවෙයි. ළමයින්ගෙ කෙළිලොල් ළමා කාලයක් නැතුවම තරුණ කාලෙට යනවා. ඒකාලෙ ගන්න ඕන අත්දැකීම් නැතුව ජීවිතෙන් වැඩක් නෑ. ඒ ලෙවල් කියන්නෙ විභාගයක් විතරයි. ඒත් මනුස්සකම තමයි ජීවිතය ගෙනියන්නෙ. ඒක නැති තැන තියෙන්නෙ බොරුවයි පුහු ආටෝපයයි විතරයි. මනුස්සකමේ අගය දන්න තව කෙනෙක්ගෙ දාඩිය සුවදක් විදිහට විද දරා ගන්න පුලුවන් තව කෙනෙක්ව කදුලු අස්සෙන් හිනස්සවන්න පුලුවන් ශිෂ්‍ය පරම්පරාවක් බිහි වේවා.
    කාගෙ හරි හිත රිදුන නම් සමා වෙන්න.

    ReplyDelete
  6. නාලක (අයියේ කියන්නම් වැඩිමල් නිසා) : ඇත්ත අයියේ.. කෙනෙක් මහ නින්දිත සතුටක් ලබලා අද හිනා වෙයි. ඒ කෙනා තව කාලෙකිං තමන් අද හිනා උන එකට දුක් වෙයි.
    "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" බව හැබෑව..
    කොහොමත් "ලිපගිණි මොලවන තෙක් දිය සැලියේ - සැපයක් යයි කකුළුව දිය කෙලියේ"
    කියලා අපි 4 වසරෙදි දහම් පාසලේ කිවුව ඒවා බොරු වෙන්න බෑ.
    රිදෙන අයට රිදෙයි. රිදුනා කියලා දැනෙන්න වෙලා යයි.

    ReplyDelete
  7. මම සර් ගෙන් ඉගෙන ගත්තේ තංගල්ලේ පංතියෙන්!!!
    සර් දවසක් මෙහෙම කතාවකුත් කිව්ව!

    2010 ඒ ලෙවල් කරල හොද රිසාල්ට බලාපොරොත්තු වෙන අයට 2011 මල්ලිලා, නන්ගිලාට උද්ව් කරන්න එන්න කියලා අලුත් වැඩ පිලිවෙලක් පටන් ගත්තා 2011 දී!!
    ඒකෙන් ගාල්ලේ අයගේ සහබාගීත්වය ගොඩක් අඩුයි කියලා තමයි කිව්වේ!!!!

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....