Sunday, September 4, 2011

හපොයි සර්...

අද මේ කියන්න යන්නේ අපේ ෆිසික්ස් පන්තියේ දැන් මාස ගාණකට කලිං වෙච්ච සිද්ධියක්. අපේ ක්ලාස් එන අය නම් දන්නවා ඇති අපි එදා කොච්චර හිනා උනා ද කියලා. හිනා වෙලා කදුලුත් ආවා. කොහොම හරි වැඩිය අගේ නොකර කියන්නම්.

ඔන්න එදා සර් පාඩම පටන් අරගෙන කියලා දෙන්න ගත්තා. එක දිගට දැන් පැය 2 ක් විතර. අපිට එපා වෙලා. නිදිත් මතයි. මම බාගෙට නිදි. අපි සර් ට කිවුවා, "අනේ සර් කතාවක් කියන්නකො, කම්මැලියි" කියලා. සර් කිවුවා. "හා.. හා.. හොදයි" කියලා. අපිත් ඉතිං හරිබරි ගැහිලා වැඩි උනා සර් ගෙ කතාව අහන්න..

සර්  : පුතාලා ඒ කාලෙ අපේ කැම්පස් එකේ හිටියා නෙ කෙල්ලෙක්..
අපි  : ශා..
සර් : මුන්ට කෙල්ලෙක් කිවුවොත් >:(
අපි  : හරි හරි... සර් කියන්නකො..
සර් : ඒ කෙල්ලට පුදුම හැකියාවක් තිබ්බේ.. ඒ කෙල්ලට කොල්ලො 21 ක් හිටියා නේ..
මම : නෑ.. :O එතකොට සර් කී වෙනියා ද?
සර් :  >:( අලුතෙන් ලෙක්චරර් කෙනෙක් ආවොත් අතාරින්නෙ නෑ..
මම : නෑ...

(මටත් ඉතිං කට වහං ඉන්න බෑ නේ.. අපි හිතුවෙ ඉවරයි තමයි කියලා.. ඒත් නෑ නේ.. මෙන්න තව තියනෝ)

සර් : ඒ කාලෙ අපේ පන්ති වල හිටියා නෙ කොල්ලෙක්.. මූ පිස්සුවෙන් වගේ කෙල්ලෙක්ට ලවු කලා නෙ. ඒත් මේ කෙල්ල කැමතිම නෑ. පස්සෙ මේ කොල්ලා ට ඒ කෙල්ල ගැන හිතලා පිස්සු හැදිලා.. මේ කෙල්ල කැම්පස් එන්නේ කෝච්චියේ.. දවසක් මේ කොල්ලා පිහියකුත් අරන් ගිහින් කෝච්චියේදි කෙල්ලව හම්බුවෙන්න. ගිහින් තියෙන්නෙ අන්තිම වතාවටත් අහන්න.
කොල්ලා අහලා. කෙල්ල මේ පාරත් බෑ කියලා. කොල්ලා පිහිය අරන් ඇනගෙන ඇනගෙන ගිහින්. කෙල්ලගෙ ඇගේ ලේ ගිහින් එතනම මැර්ලා.. මේ කොල්ලා ඒ කෙල්ලවත් උස්සගෙන ඊලග ස්ටේශන් එකෙන් බැහැලා. ලේ පිරිච්ච මලකදක් උස්සන් එනවා දැකපු ස්ටේශන් මාස්ටර් ට * ත් ගිහින්.
අපි : හපොයි..
සර් : අපි ඒ මළගෙදරත් ගියා. ඒ කෙල්ලගෙ ඇගේ ලේ ගිහින් හූනියක් වගේ.. හ‍පොයි..
අපි : හ්ම්...
සර් : දැං ඉතිං කියන්න තියෙන්නෙ කවුරු හරි කෙනෙක්ට ඇත්තටම ලවු කරනවා නම්, ඔහොම වැඩ කරන්න යන්න එපා කියලා තමයි..

(දැං කියන්න දෙයක් නෑ. සර් හෙන ජොලි විදියට ඒක කිවුවේ. මටත් කට පියන් ඉන්න බෑ නේ..)

මම : හරි සර්.. ඉතිං අපි ඇත්තටම කෙනෙක්ට ආදරේ නං, මරන්න ත් එපා නං, ඉස්සෙල්ලා ඔය කතාව කියලා පස්සෙ කැමැත්ත ඇහුවොත් හරි නේ...

සර් මුකුත් නොකිය පාඩම කරන්න ගත්තා ද කොහෙද..

14 comments:

  1. හික්ස්.සර් නුත් ඔහොම කියල බයකරලද දන්නෙ නෑ මෑරි කරේ

    ReplyDelete
  2. කියන්න බෑ අක්කෙ.. සර් නුත් ඒ ජාතියෙ තමා... හි හි හි..

    ReplyDelete
  3. හිකිස්... සර්ට තරු විසික් වෙන්න ඇති මල්ලි අහපු එක අහලා.. හී හී,,,

    ReplyDelete
  4. අනේ මන්දා.. සර් තව පැයක් පන්තිය කරා.. අපි දොයි.. හි හි හි...

    ReplyDelete
  5. පුදුමයි සර්ට උගන්නන ආපුදේ අමතක උනේ නෑ..

    අද තමයි මේ පැත්තට මුලින්ම ගොඩ උනේ.. දිගටම ලියන්න..

    ReplyDelete
  6. හි හි හි.. සර් ට ලෝක විනාසෙ වෙන්න තප්පරයයි කිවුවත් උගන්නන එක නම් අමතක වෙන්නෙ නෑ..
    බොහොම ස්තුතියි මේ පැත්තට ආවාට.. :)

    ReplyDelete
  7. kathawa nam dukai!! janige adahasath niyamai!! :)

    ReplyDelete
  8. @ mulaika : එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක්ක කාට හරි කියන්නම් අහන්න කියලා.. :P

    ReplyDelete
  9. හික්ස්ස්ස්ස්ස්... මරු ක්තාවනෙ... හයියෝ......:):)

    ReplyDelete
  10. මරුද ත් අහනවා අක්කේ.. හි හි..

    ReplyDelete
  11. ආදර්ශමත් කතාව, ෂ්.. ෂ්.. ෂ්... සරුත් අරින නයි

    ReplyDelete
  12. නයාට ගහලා පොල්ල වරද්දගත්තා කියන්නේ ඕකනෙ.. සර් දන්නවා නම් මේක මම බ්ලොග් එකේ ගහනවා කියලා ඕක කියන්නෙ නෑ නේ! හි හි..

    ReplyDelete
  13. මේකෙ කොහරියටද ආයිබොවන් කදුලු එනකන් හිනාගියේ..

    ReplyDelete
  14. අර සර් නයා ඇරිය හරියේ.. ඒක ලියන්න බෑ නේ.. පන්තියේම ඉන්ට ඕනෙ..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....