Friday, August 26, 2011

Richmond Premier League

මේ කියන්න යන්නේ පොඩි කතාවක්. මේක පුංචි ක්‍රිකට් තරගයක් ගැන. මේ ක්‍රිකට් තරගෙට සෙල්ලම් කරන්නේ අපේ කොල්ලෝ. හිතනවා ඇති මොකක්ද මේ කියන්න යන්නේ කියලා.. මේ කියන්නේ රිච්මන්ඩ් විද්‍යාලයේ හැම අවුරුද්දකම තියන අපේ ක්‍රිකට් තරගෙ ගැන. ඒ කියන්නේ A/L කරන අපේ තරගේ. මේක එක්තරා ආකාරෙක පම්පෝරියක් කිවුවාට වරදක් නෑ. ඒත් මේක මම ගැන නෙමෙයි. මගේ පන්ති ගැන. ඕනම කෙනෙක්ට දැනගන්න ආස හිතෙයි මේ ගැන. මේකෙ එන චරිත අපි දාපු නම් වලින් ලියන්නම්.

ඔන්න අපි O/L කරලා රිසල්ට්ස් නුත් ඇවිත්. දවසක් ආවා ලියුමක්. අපේ ප්‍රින්සිපල් සර් ගෙන්. මට ආයෙ ඉස්කෝලෙ එන්න ලු A/L කරන්න. මමත් ගියා. දවසම වැඩ. ඉස්සර වගේ නෙමෙයි හැම විශේකටම පීරියඩ් 2යි. එපා වෙනවා ඉතිං. මේ අතරෙ අලුත් ආරංචියක් ආවා නේ. ආර්. පී. එල්. තියනවා ලු ඉක්මනටම. අනේ මන්දා මට නම් කිසි අවබෝධයක් නෑ මේ ගැන. පස්සෙ බැලින්නම් මේක ක්‍රිකට් මැච් එකක්. කලින් පාර අයියලා වගයක් ගහපු ගැහිල්ල ගැන කිවුවා. මරු. ඒත් ඉතිං ආගන්තුකයා ජොලියට ක්‍රිකට් ගැහුවාට තරගෙකට ක්‍රිකට් ගහන්න තරම් හැකියාවක් නෑ කියලා හිතුන නිසා අපේ අනිත් අයට වැඩේ හාර දුන්නා.

තරගෙට දිනත් ළඟයි. අපේ වැඩි සූදානමක් නම් පේන්න නෑ. අපි කරපු මුල්ම කාර්යය තමයි ටීම් එකට නමක් තෝරගත්ත එක. නම් බර ගානක් යෝජනා උනා. මතකත් නෑ. ඉංග්‍රීසි බරපතල නම් නුයි තව "අනේ අපි අහින්සකයි", "ගිරිපුර ඇත්තෝ".. අන්තිමට මේකෙ තේරී පත් උනේ "ගිරිපුර ඇත්තෝ" කියන නම. හි හි ඒකත් මරු නම නේ. "දැන් පිටියට පිවිසෙන්නේ ගිරිපුර ඇත්තන්" කියද්දි මොනවා වෙයි ද කියලා හීනෙනුත් දැක්කා. කොහොමින් කොහොම හරි, අපේ ටීම් එකේ කැප්ටන් පසියා. කොස්තා, සිරිගෝරිසා වගේම පසියා ත් පුභල ක්‍රීඩකයෝ. මොනා උනත් අපේ එච්චර සූදානමක් නෑ. ඔන්න දිනත් ළගයි. පසියාට ටිකක් අප්සෙට් වගේ. කට්ටිය ගෙ පුහුණුව මදි කියලා. මොනා කරන්නද.

ඔන්න ආර්. පී. ඇල් එක පටන් ගත්තා. මැච් එකට ඉන්න කට්ටිය සුදු ඇදන් ඇවිත්, අනිත් අය කැමති එකක්. මමත් එදා උදෙන්ම පුශ් බයිසිකලෙන් උණවටුනෙ ඉදන් ආවා මේක බලන්න. අපේ සුදු අයියලා දෙන්නත් එනවා කිවුවා නේ. ඒත් මම එච්චර කැමති උනෙත් නෑ මොකෝ අපි ඉස්සෙල්ලාම කැපුනොත් නවනිංගිරාවයි නේ. ඒත් පළවෙනි එක ගහගත්තා. යන්තම් ඇති. දෙවනි එකත් දිනුම්. දැන් සෙමි ෆයිනල් එක. අපිට හෙන ටීම් එකක් හම්බු උනේ.. ඒකෙ අපේ කැප්ටන් පසියා ගැහුවා කියන්නේ.. හප්පේ තාම මතකයි. ඒ නිසා අපි ෆයිනල් එකටත් තේරුනා.


එහා පැත්තෙ "අවකලන සේනාව" 13 වසරේ ප්‍රභලම ටීම් එක කිවුවොත් හරි. මම ඒ කාලෙ නම් ටීම් එකට වඩා බය උනේ ටීම් එකේ නමට. හි හි.. අවකලනය කියන්නේ මොකද්ද කියලා දන්නෙ නෑ නේ ඒ කාලෙ. කොහොමින් කොහොම හරි ෆයිනල්ස් වලටත් ආවා කියමුකෝ. අපේ අය ඉස්සෙල්ලා බැට් කරන්නෙ. ඒත් හෙන සිද්ධිය, එක එකා අවුට් වෙවී යනවා. අනේ මන්දා. දැන් නම් අයියලාගෙන් මාර නෝන්ඩියක් කන්න වෙන්නේ. මට එපා වෙලා උන්නේ. ටික වෙලාවක් ගියා. තාමත් එහෙම්මයි. කිසි ප්‍රබෝධයක් නෑ. අපිටත් චියර් කරන එක එපා වෙලා. නින්ද යන්නත් වගේ. ඒත් අර අයියලා ටික කෑ ගහනෝ. මොන නින්දක් ද? ඒත් එකපාරටම චියර් රක නැවතුනා. මොකෝ මේ.. ඇස් දෙක ඇරලා බැලුවා. කෝ බෝලෙ.. හප්පොච්චියේ බෝලෙ ප්‍රින්සිපල් බන්ග්ලෝ එකට නගින පඩිපෙල හරියෙ. බුදු අම්මෝ මම බැලුවා පිච් එක දිහා. අපේ කොස්තා. මේකා ගහලා තියෙන්නේ. ඔන්න බෝලෙ ආවා. ආයෙත් 6යි. කොස්තා ෆෝම් වෙලා. ගහනවා නෙමෙයි පලනවා. ඔන්න දැන් මරු වැඩේ. චියර් එකේ පැත්ත මාරු උනා. අයියලා සද්ද නෑ, අපේ අය හෝ ගාලා කෑ ගහනවා. මරු වැඩේ.


ඒත් අවකලන සේනාවත් ලේසි නෑ නේ. අපි කොච්චර ගැහුවත් මදි. ඒත් කරන්න දෙයක් නෑ. අපි යම් ගානක් ගහගත්තා. දැන් අපි බෝල් කරන වෙලාව දැන්. කොස්තා ට නම් පට්ට මහන්සියි වගේ. කොහොම හරි කට්ටිය ගහනවා. පටන්ගත්තේ අපිට මාර අවාසනාවන්ත විදිහකට. බෝලෙ විකට් එකේ වැදිලත් බේල්ස් ගැලවුනේ නෑ. ශික්.. මොනා කරන්නද.. කොහොම හරි මැච් එක අන්තිම බෝලෙ වෙනකම් ගියා. අන්තිම බෝලෙ දැම්මේ සිරිගෝරිසා. ළකුණු කීයක්ද ගහන්න තිබ්බේ. කොහොම හරි හැමෝම සයිලන්ස්. බෝලෙ දැම්මා. අයියෝ වයිඩ් එකක් ද? ශි අපරාදෙ මැච් එක පරාදයි. :( මම හිතුවෙ එහෙම. ඒත් අම්ලයර් ගෙන් සිගුනල් එකක් නෑ. හෙ හේ... අපි දිනලා... මාරයි... අපේ අය හුරේ දානවා එක යුද්ධයයි. 

‍හැම දේකින්ම පස්සේ අපි දින්නා. මාර සතුටුයි. කොහොම හරි ඒ ගිය අවුරුද්දේ කතාව. මේ පාර එක 11 වෙනිදා. මේ පාර ඕගනයිස් කරන්නෙ අපි. මම සභාපති. සිරිගෝරිස් ලේකම්. මේක මේ ලේසි වැඩක් නම් නෙමෙයි. මේකට හැමෝටම එන්න කියලා මම ආරාධනා කරනවා. 11 වෙනිදා දවසම මේක තියනවා රිච්මන්ඩ් පිට්ටනියේ. 

මෙතන පහල ලිංක් එකක් තියනවා. ඒකට කට්ටිය ඇවිත් අපිට දිරියක් දීලා අදහස් උදහස් දීලා යන්න කියලත් මතක් කරනවා.   

4 comments:

  1. අලේ RLP එක මැක්ස්zz

    ReplyDelete
  2. ඩිලංක මගේ ඕක විතරක් කියලා මදි. අපිට ෆුල් බකප් එක ඕන..

    ReplyDelete
  3. එන්න නම් වෙන්නෙ නෑ මල්ලියො.ඔය කන්ද උඩ ඉක්කෝලෙ එක්ක අක්ක සුට්ටක් විතර වලි.ඔයාලට සුභ පෑතුම්.

    ReplyDelete
  4. කත්ද උඩ ඉස්කෝ‍ලේ කිවුවේ අපේ ඉස්කෝලේ ද? රිපන් එක ද? මන්දා අක්කේ, රිපන් එකත් එක්ක වලි නම්, අපි මැච් එක තියන්නේ පෝය දවසේ. ඉස්කෝල නිවාඩු නේ. ආවාට වරදක් නෑ..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....