Thursday, August 25, 2011

දෘෂ්ඨි කෝණ

මේ කියන්න යන්නේ නිවාඩුවක් නොවුන නිවාඩු කාලේ මම ඉගෙනගත්ත දේවල් ටිකක්. 2012 උසස් පෙළ නිසා අපේ ගුරුවරු ගොඩක් අමතර පන්ති දැම්මා නේ. එකක් ඉවර වෙනකොට තව එකක්. මේ පන්ති එක දිගට තිබ්බාම ඇගට අමාරුයි නම් තමයි, ඒත් උසස් පෙළ ට තව අවුරුද්දයි නේ. කොහොම්න් කොහොම හරි මේ කියන්න යන්නේ සැහැල්ලුවට හිතන කෙනෙක් උගත් දේ...


‍ෆිසික්ස්....


* අපි භාජනයක් දැක්කොත් මොකද්ද හිතන්නේ? මොනා හිතන්නද? භාජපයක්.. රවුම්, කොටු, තුන්හුලස්.. ඒත් අපි උසස් පෙළ කරන නිසා හිතන්න ඕන වෙන විදිහකට ලු. ඒ භාජනේ වාතය තියනවා කියලා හිතන්න ඕන ලු. ඒ වාත අගශු එකිනෙක ඔබ මොබ අහඹු චලිතයේ යෙදෙනවා කියලා හිතන්න ඕන ලු. ඒවා භාජනේ බිත්ති වල ගැටිලා පීඩනයක් ඇති කරනවා කියලා හිතන්න ඕන ලු. වැඩේ කියන්නේ හිතෙන්නෙ නෑ නේ එහෙම...


ඇප්ලයිඩ්...




* අපිට ගානක් සුලු කරන්න එහෙම අමාරුයි වගේ නම් අලුත් ක්‍රමයක් තියනවා ලු. ඒකට කියන්නේ වංචා ක්‍රමය කියලා ලු. ඒ ක්‍රමයට ගණන් හැදුවා ට ළකුණු වගට භාදාවක් නැල්ලු.


* අපි කොච්චර ඇප්ලයිඩ් ගණන් "සමතුලිත යයි උපල්පනය කරමු.. " වගේ ඒවා කියලා හැදුවා ට ඒවා එහෙම නැල්ලු. අපි පන්තියේ ඉදන් බෝලයක් විසිකරලා උපකල්පනය කරාට ඒක හදට යනවා කියලා එතනට යන්නේ නැල්ලු.


කෙමිස්ට්‍රි


* ආගන්තුකයා ට කෙමිස්ට්‍රි ගැන නම් අවබෝධයක් නෑ. ඒත් ළගදි P-ගොනුව එහෙම කරා නේ.. ඒ ඔක්කොම නෝට් පොතේ ලියාගෙන මම ඉගෙනගත්තා ඇලුමිනිම් කියන්නේ උභයගුණී ලෝහයක් කියලා.  










2 comments:

  1. මට නම් ඕවා තේරෙන්නේ නෑ.විජ්ජාව තමයි මම අකමැතිම විෂය... හී හී... ඒත් වැදගත් ලිපියක්..කාලයක් මේ පැත්තේ එන්න බැරි වුනා.. අද තමයි කාලෙකින් ආවේ..

    ReplyDelete
  2. මට තේරෙන්නෙත් නෑ අක්කේ.. කට්ටිය කියපුවා මාත් ගැහුවේ.. ආවාට ස්තුතියි..:)

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....