Wednesday, August 17, 2011

අගය සොයන්න

මේක අපේ Physics පන්තියෙ උනු වැඩක්. අපිට සර් චූටි ගානක් දුන්නා. අපේ අයත් ඉතිං හදන්න ගත්තා ලස්සනට. මේකයි ගාන.. ඔන්න ඔය පහල තියන රූපෙට අනුව වීදුරු ගෝලෙකට ආලෝක කිරණයක් එනවා. එතන පතන කෝණයි වර්තන කෝණයයි ඉතා කුඩා අගයන් නම් මේ වීදුරු ගෝලෙ වර්තනාංකෙ හොයන්න කියලා. මේක කියවන මේ ගාන හදපු නැති 2012 විද්‍යා විශයන් කරන කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලා මේ ගාන හදන්න. හොද ගානක්. හදලා ඉවර වෙලා ඉතුරු ටික කියවන්න.
 ඔන්න ඉතිං අපිට සර් පොඩි හින්ට් එකකුත් දුන්නා ගාන හදන්න. "පුතාලා මේ sin අගයන් කුඩා වෙනකොට ඒ කෝණයේ sin අගයට ඒ කෝණය සමාන යි කියලා ගන්න පුලුවන්" කියලා. ඒක කිවුවාම නම් ගාන නිකං කියන්න පුලුවං. 


ඒත් ඉතිං දන්නැද්ද, ආගන්තුකයා ටිකක් පණ්ඩිතයි නේ. හැදුවේ අමුතු විදිහකට. 

සර් ට මේක දැකලා එපා උනා. හි හි.. පවු වැඩේ ඉතිං. මොනා කොරන්නද?


ප.ලි : මේකෙ අන්තිම පින්තූරේ lim(r--->0) ලෙස නිවැරදි වියයුතුයි. එය එසේ වීමට හේතුව නම් මෙහි r,i කෝණ ඉතා කුඩා බැවිනි.

7 comments:

  1. නෑ නෑ වෙන කෙනෙක්... හි හි

    ReplyDelete
  2. ආගන්තුකයා අයියා මේ ඔයාද?ඔයා ආයෙමත් ආවද බ්ලොග් ලියන්න?

    ReplyDelete
  3. මම ගොඩ දවසකින් ආවෙ අයියා බ්ලොග් අවකාශෙ පැත්තෙ අහම්බෙන් දැක්කෙ ඔයා ආයෙත් ලියනවා කියල.මෙච්චර කල් ලියපුව කියවන්න ලැබුන්නැහැ,ඒකට සමාවෙන්න ඕනෙ.සතු‍ටුයි ආයෙමත් ලියන්න ආවට.හැම කරදරයකදිම අපි ඉන්නවා අයියෙ එකා වගෙ

    ReplyDelete
  4. ඔවු ඔවු නගේ.. මේ මම.. මම කියෙවුවා අර නගා ලියලා තිබ්බ එවුවා.. අනේ ගූගල් ක්රෝම් එකෙන් නංගි ගෙ බ්ලොග් එක ලෝඩ් වෙන්නෙ නෑ. ෆයර් ෆොක්ස් එකෙනුත් එහෙමයි. ඔපෙරා එකේ ලෝඩ් වෙනවා ඒත් ඒකෙ යුනිකෝඩ් හරියට වදින්නෙ නෑ. අනේ නංගි ගෙ අර ලිපි වලට කමෙන්ට් කරන්න ආසයි.. කොහොම හරි කරන්නම්.. සමා‍ව දෙන්න නෙමෙයි ස්තුති කරන්න ඕන කඩේ හාමිනේ ට. බොහොම ස්තුතියි "හැම කරදරයකදිම අපි ඉන්නවා අයියෙ එකා වගෙ" කියපු ඒ වචන ටිකට.

    ReplyDelete
  5. හපොයි.. මලේ.. ඔය පරණ දේවල් ආය මතක් කරනවා එහෙම නෙව්යි.. උදේ පාන්දර පිස්සු තද වෙනවා ...:D

    ReplyDelete
  6. ඉතිං අයියන්ඩියේ මේ හිච්චි ගානක් නේ :/ ඕකට මක්කටෙයි පිස්සු තද වෙන්නේ..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....