Friday, August 5, 2011

අපේ එක්ස්බිශන් එක

මේ කියන්න යන්නේ අපේ රිච්මන්ඩ් එකේ Science Day එකට සමගාමීව තිබුන Practical Exhibition එක ගැන. අපේ අය 12-C එකේ. Day එක කරන්නේ අයියලා නේ අපිට තිබ්බේ ගිහින් බලං ඉන්න විතරයි. ඒත් 2011 මේ අවුරුද්දේ අලුත් සංකල්පෙකට අනුව Practical Exhibition එකකුත් තිබ්බා. A/L වලට තියන ඔක්කොම Practicals අයියලා විතරක් කරන්නයැ. අපිවත් සම්බන්ධ කරගත්තා. අපිටත් ඉතිං මාර හැපී. අපිට වෙනම පන්තියක් එහෙම දෙනවා කියලා. මම නම් ෆුල් හැපී එකේ හිටියේ Physics Practicals පෙන්නන්න. සාමාන්‍යයෙන් මම දන්න දෙයක් අනිත් කෙනෙක්ට කියලා දුන්නාම මාර ආත්ම තෘප්තියක් ලබනවා. කොහොමින් කොහොම හරි, අපිට හැමෝටම වගේම මාතෘකාවක් ලැබුනා. මට ඕන වෙලා තිබ්බෙ මේක කරන්න කොහොම හරි පිලිවෙලකට, ලස්සනට.. ඒත් මාතෘකාව ඇහුවාම මූන නාලු උනා. "මිනුම් උපකරණ".

කරන්න දෙයක් නෑ ඉතිං ලැබුන එක කරන්නත් එපායැ. අපේ පන්තියේ සෙට් එක එකතු වෙලා බොක්ස් බෝඩ් වල රූප එහෙම ඇදලා නම් කරලා තිබුබා නියමෙට. ඒවා නම් හරි. අපි තව සෙට් එකක් එකතු වෙලා මිනුම් උපකරණ ගැන පොඩි මෙවුවා එකක් කරන්න පටන් ගත්තා. මෙවුවා එකක් කිවුවේ ඉතිං Youtube එකේ තිබ්බ වීඩියෝස් වගයක් බාලා ඒවා ඩබ් කරලා එන අයට පෙන්නන්න. වැඩේ කරන්න පටන් ගත්තා. ඒත් දවස් 3ක් ද 2ක් ද තිබ්බේ. අපි ඉස්සෙල්ලාම ව'නියර් කැලිපරේ ඉස්සෙල්ලාම පටන් ගත්තා. ඒක කරපු හැටි දැක්කා නම් පිස්සු හැදෙයි. හි හි.. ලැප්ටොප් එකක් අරගෙන ඒක අර බයෝ ලැබ් එකේ පිටිපස්සෙ තියන කාඹරේ තියාගෙන අයියයෝ දැක්කා නම් පිස්සු හැදෙනවා. අපි එදා එක ඩබ් එකක් කරලා පොඩි පිස්සුවක් නැටුවා. කැමති නම් ෆේස්බුක් එකේ තියනවා බලන්න.


කොහොම හරි ඔන්න දවස ආවා. අපේ රූම් එකත් තියනවා ව'නියර් කැලිපර්, චල අන්වීක්ෂ, ගෝලමාන, මයික්රොමීටර් ඉස්කුරුප්පු ආමාන, විරාමඝටිකා, මීටර් රූල් වලිනුයි හැම එකක් ගැනම බොක්ස් බෝඩ් වලිනුත් පිරිලා. කොහොම හරි මගේ  හාඩ් එක පිච්චිලා ඊට කලිං දවසෙ. මම අරන් එන්න හිටිය ඔක්කොම වීඩියෝස් ටික නෑ. ඒත් අපි කරපු ඩබ් එක තිබුනා. තව වීඩියෝස් වගේකුයි එක්ක අපේ සිරිගෝරිසා අරන් ඇවිත් තිබ්බා. යන්තම් ඇති.



ඔන්න දැන් කට්ටිය එක එක ඒවා බලන්න යනවා. ඇවිත් තිබුනේ අනිත් ඉස්කෝල වල අයියලා අක්කලා. හත්තිලවුවයි මොකක් හරි එකක් ඇහුවා නම් කියන්න දන්නෙත් නෑ. ඒත් වැඩේ කියන්නේ අපේ එක බලන්න කවුරුත් එන පාටක් නෑ. අපිත් දන්නවා මිනුම් උපතරණ වල බලන්න දෙයක් නෑ කියලා. මොනා කරන්නද අන්තිමට අක්කලා වගයක් ආවා. ඔන්න ඉතිං මම ඉස්සරහා ට ගිහිං පොඩි විස්තරයක් එහෙම කරලා වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ අර වීඩියෝ ටිකත් පෙන්නුවා. ඩබ් එකේ නම් තිබ්බේ මගේ කටහඩ. ඒත් කාටවත් තේරෙන් නැතුව ඇති. මොකද හෙන බැරෑරුම් කටහඩකින් නේ ඒක මෙවුවා කරලා තිබ්බේ. කොහොම හරි එච්චර කට්ටිය ආවෙ නෑ. අපිටත් කම්මැලී. මොනා කරන්නද ඉතිං. මම කියලා දුන්නේ චල අන්වීක්ෂෙ ගැන. කියලා කියලා මගේ උගුරත් බැරැන්ඩි වෙලා.


ඔන්න දැන් දවස් දෙකක්ම මෙහෙම ගියා. දැන් ඔක්කොම ඉවරයි. අපේ එක බලන්න එච්චර දෙනෙක් ආවෙත් නෑ. ඒත් ඉතිං ආපු අයට අපි යම් දෙයක් කියලා දුන්නා කියලා හිත කියනවා. ඒත් අන්තිමට නම් මරු. අපි අපිටම කියලා දුන්නා. බලන්න වටිනවා. ඔන්න පල්ලෙහා ඇති බලන්න. මට නම් මාර අත්දැකීමක් මේක. යාළුවොත් ඒක්ක මෙහෙම කවදා නම් ආයෙ පිස්සු නටන්න ලැබෙයි ද?

මේ ඉන්නේ මගේ යාළුවෙක්. ව'නියර් කැලිපරෙත් එකක පලහිලවුවක්
මේ මම. ගත්තම ඉතිං අපිත් යමක් කමක් කියලා දෙන්න එපායැ...
ඔය යටින් දාන්න තියෙන්නේ අපි ඕවරෝල් පිස්සු නටපු එකක්. අන්න ඒක තාම අප්ලෝඩ් වෙනවා. උන ගමන් දාන්නම්. ඒකත් බලාගන්නකෝ.. ඒක එඩිට් කෙරුවෙ සිරිගෝරිසා..

6 comments:

  1. අර දනුශ්ක සර් ඉන්න දවස් වල කැමරා අල්ලන් නටපු නැටිල්ලයි,වෙඩි කන්න ගිහින් අනූ නවයෙන් බේරිච්ච බේරිල්ලයි ගැනත් පස්සෙ වෙලාවක ලියපං

    ReplyDelete
  2. හි හි.. ලියන්නම් ලියන්නම්.. ධනුශ්ක සර් එක්ක අර මම සින්දු කිය කිය නටපු ඒවායෙ ෆොටෝස්-වීඩියෝස් ටික කෝ.. මගේ අතින් නැති උනා ද කොහෙද..

    ReplyDelete
  3. @ චතුර : ඔවු මරු වැඩ ටිකක් උනා..

    ReplyDelete
  4. හලේ ...වීඩියෝ නම් පස්ට..
    වැඩේ නම් අයිස් :)

    ReplyDelete
  5. ඇත්තටම කියනවා නම් නාකියෝ (එහෙම කිවුවාට කමක් නෑ නේද?) අපිට කරන්න ඕන වෙලා තිබ්බේ හැමෝටම ඇගට දැනෙන දෙයක්. ඒත් මේ ටොපික් එක එච්චර හොද එකක් නෙමෙයි. ඒත් මේ ආපු අයට කියලා දෙන්න අපි කරපු දේවල් තව ලොකු ආරම්භයකට මුලපිරීමක්.

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....