Friday, July 29, 2011

සමාවෙන්න



මේක කියවන හැමෝටම ස්තුතියි. ආගන්තුකයා ලියපු ලස්සන දේවල් වලට ආදරේ කරපු අයට ආගන්තුකයා මේ ලියපු ලිපිය යි ඉස්සරහා ට ලියවෙන ලිපි යි දැකලා කලකිරෙයි ඇයි අපි ෆලෝ කරේ කියලා. ඕනකමකින් නෙමෙයි දැන් ලියන්නේ. ආගන්තුකයා ලියපු ඒවා රසවිදපු අයට ස්තුතියි. ඒ අය ටික දවසක් බලයි. ඒත් ඊට පස්සේ ඔක්කොම එපා උනාම මේක කියවන එක අත්හරී. ඒකට කමක් නෑ. මේ ටික කාලෙ ආගන්තුකයා ත් එක්ක හිටපු අයට ස්තුතියි. හැමෝටම ආගන්තුකයා එපා වෙයි දවසක. එදා වෙනකම් ආගන්තුකයා ඕනකමක් නැති බ්ලොග් ලිවිල්ල දිගටම කරන් යන්නම්. 

9 comments:

  1. මේ මේ අපිනම් හැමදාම පුළු පුලවන් විදියට ආගන්තුකයාගේ බ්ලොග් ඒක කියවනවා.ලියන ඒක නවත්වන්න එපා.දිගටම ලියන්න..

    මේ ඔය හොදින් කිව්වේ හරිද..ලිව්වේ නැත්නම් බලාගමු..:D
    හිකිස්‌

    ReplyDelete
  2. මං උඹට කලිනුත් කිව්වා... නැවැත්තුවොත් බලාගමු අරී.. ලියන උඹ නෙමේ තීරනේ කරන්නේ ලිපි හොදද නැද්ද කියලා බලන අපි..

    " ඕනකමකින් නෙමෙයි දැන් ලියන්නේ." හේතුව කියපන් බලාන්න.

    ReplyDelete
  3. චම්මා : ලියන්නෙ නෑ කියලා මම කිවුවේ නෑ...
    නාකියා : ලියන්නෙ නෑ කියලා කිවුවෙ නෑ නේ... හැමෝටම ආගන්තුකයා ව එපා උනාම නවත්තනවා. කෙනෙක් අඩද්දි ආගන්තුකයා ට හිත හදාගෙන සතුටින් ලිපි ලියන්න බෑ. අහන්න එපා ඒ ගැන.

    ReplyDelete
  4. මල්ලි අඬන කෙනා ගැන අපට කියන්න අකමැති නම් කියන්ඩ එපා... ඒත් දුකක් කරදරයක් වුණාම ඒක හිතේ ගුලි කරගෙන දුක් විඳින්න එපා... ඒකෙන් වෙන්නෙ හිත තවත් රිදෙන එක... කාටම හරි කියල දාන්න... සයිබර් අවකාශයේ යාලුවන්ට කියන්න අකමැති නම් ළඟම හිතවතෙකුට හරි කියල හිත නිදහස් කරගන්න..... එහෙම කෙනෙකුත් නැත්නම් කාටම හරි විශ්වාසවන්ත කෙනෙකුට කියන්න... මටත් ජීවිතේ ඔය වගේ සිද්ධිවලට මුහුණ පාන්න වෙලා තියෙනවා... ඒ වෙලාවේ මාත් එක්ක එකට හිටියේ මං කවදාකවත් දැකල නැති මේ සයිබර් අවකාශයේ සහෝදර සහෝදරියෝ ටික... එදා එයාලගේ වචන මට ගොඩක් ලොකු ශක්තියක් වුණා... ලිවිල්ල අතෑරල දාන්න හිටි මං අද ඉඳල හිටල හරි පෝස්ටුවක් දාන්නේ එයාල හන්දා.... ඒ හන්දා හිත කලකිරවගන්න එපා.. කාට හරි කතා කරන්න.. ඔයාගේ දුක වේදනාව තුනී කර ගන්න ඒක ලොකු උපකාරයක් වෙයි...

    ReplyDelete
  5. හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටයි කියුවේ ආගන්තුකයම නේද?මොකද වෙලා තියෙන්නෙ කියලා අහන්නෙ නෑ.කාටත් ප්‍රශ්න තියෙනවා.ඒවට උත්තර තියෙන්නෙත් තමන් ලගමයි කියලා අමතක කරන්න එපා.අපිත් පුලුවන් හැටියට උදවි කරන්නම්.දැක්කෙ නැති උනාට.කතා කරලා නැති උනාට ඔයාගෙ දුක බෙදාගන්න අපි ඉන්නවා.හැමදාම......ලියන එක අත් අරින්න නම් එපා මල්ලියේ

    ReplyDelete
  6. @ sansarasidu : හිතේ තියන දේවල් කියන්න යන්නේ තත්පරයයි. ඒත් මම හිත සැහැල්ලු කරගන්න කොට තව කෙනෙක් හිතේ තියන දේ කියා ගන්න කෙනෙක් නැතුව දුක් විදිනවා මට බලං ඉන්න බෑ. ඒ නිසා ඒක කාටවත්ම කියන්න ඕන නෑ. කවදා හරි ඒ කෙනා සැනසුන දවසක මමත් හිත හදාගන්නවා. ඒකයි හොදම දේ. ඒත් බොහොම ස්තුතියි හිත හදන්න කරපු උත්සාහෙට. ඒත් මේ හිත හැදෙන එකක් නෑ.

    ReplyDelete
  7. @ සිතූ : හැමදේම වෙන්නේ ආගන්තුකයා ට තමයි. ඒකයි මේ වෙලා තියෙන්නේ! තනි මට දුකක් දැනුනා නම් නැති කරගන්න තිබ්බා. ඒත් මම විතරක් නෙමෙයි දුක් වෙන්නේ. තවත් කෙනෙක් දුක් වෙනවා. මට බෑ මගේ දුක විතරක් නිවාගන්න.

    ReplyDelete
  8. එකපාරටම වෙනස් වෙන්න හේතුවත් කිව්ව නම්,ඔය පොඩි දේකට ලියන එක නවත්තන්න එපා සහෝ..

    ReplyDelete
  9. උනේ නම් පොඩි දෙයක් නෙමෙයි! ඒත් ඔක්කොම හොද අතට හැරෙනවා.. ආයෙ ලියන්නම්

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....