Sunday, May 22, 2011

මේ දවස් වල විස්තර

උදේ පාන්දර නැගිට්ට වෙලේ ඉදං ඉතිං දවසෙම තියෙන්නෙ එකම එක දේවල් ටිකක් තමයි... ඉස්සෙල්ලම කරන්නෙ නැගිටලා කම්මැලි ඇරලා එහෙම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන එක.. පොත් ටික බෑග් එක අස්සට ඹබාගෙන තියෙන ඹක්කොම ත් අරගෙන ලෑස්ති වෙලා යන්න හැදුවත් මොකක්ම හරි අමතක උනේ නැතොත් ඒ ආගන්තුකයා නොමයි... කොහොමින් කොහොම හරි ඉස්කෝලෙට ත් ආවා කියමුකො... කණ්ඩම්බි අංකල් ට කියලා පන්තිය ඇරගෙන බෑග් එකත් තියලා යනවා නෙ ‍ඩියුටි... ඹක්කොමත් හරි අර ඩියුටි කරන වෙලාවට කන්න වගේ රිපන් එකේ කෙල්ලො බලං ඉන්න එක තමා එපා ම වෙන්නෙ... කොහොම හරි ඉතිං ඉස්කෝලෙ වැඩ ටිකත් අහවර උනාම ඊට පස්සෙ ටියුෂන්... හැමදාම ඉතිං එකම දේ තමයි... ඒත් මේ දවස් ටිකේ නම් අපේ RPL (Richmond Premier League) එක නිසා කට්ටිය බරටම වැඩ.. හැබැයි ඒකට තව මාස 6 ක් තියෙනවා.. අපි මේ මුහුද හත් ගවුවක් තියං අඹුඩ ගහනෝ... ගොංකම තමා... ඒත් ඉතිං බෑ යි කියන්න කට ගනිද්දිම මුං මගේ නම President පට්ටමට දැම්මා නෙ....!!! බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි ඉතිං පලුවක් නැතිවෙන්න හරි.... දැං ඔක්කොමත් හරි සල්ලි තමා නැත්තෙ... ඒක කොහොම හරි කරගන්න පුලුවං වෙයි මයෙ හිතේ.. අනේ මන්දා...
අපේ පන්තියෙ කස්ටිය මේ ලගදි හැදුවා නෙ කූඩු රාජයෙක්.. අපි හිතං හිටියෙ මේ හෙන පොඩි වැඩක් වෙයි කියලා.. ඒත් අපේ සෙට් එක උණ බට අරවා මෙවුවා ගෙනත් වැ‍ඩේ සෙට් කරනකොට හිතුනා ටිකක් ලොකු කූඩුවක් එල්ලන්න පුලුවං වෙයි කියලා පන්තිය ඉස්සරහා... ඒත් අන්තිමට ඒක හොදටම විසාල වෙලා එල්ලුවෙ 1 ‍වසර ගාව තඩි ගහක...!!!
හැබැයි ඉතිං මේ තියෙන්නෙ ඒ කූඩු රාජයා නෙමෙයි.. මේ තියෙන්නෙ අපේ Prefects ලා ටික එකතු වෙලා හදලා ඉස්කෝලෙ ඉස්සරහා එල්ලපු තඩිම තඩි කූඩු රාජයා... මේක ගැන මට කියන්න අයිතියක් නැත්තෙ මම මේකෙ වැඩ වලට ගියේ අන්තිම දවසෙ විතරක් නිසා.. මොනවා උනත් මේක අපේ ඉස්කෝලෙ ඉස්සරහා බැබලෙද්දි පුදුම ලස්සනක් තිබ්බෙ..

2 comments:

  1. ඹහොම තමයි අයියා ඡීවීතේ.......... හි හි හි හි

    ReplyDelete
  2. ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැදේ.....

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....